සිසු දිරිය

තරුණයන්ගේ අනාගතයට සහාය වීම

"සිසු දිරිය" ශිෂ්‍යත්ව අරමුදල

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනමේ සභාපති තැන්පත් අටමස්ථානාධිපති, මහා විහාරයේ විහාරාධිපති, පූජ්‍යපාද ආචාර්ය පල්ලේගම සිරිනිවාස ගරුතර ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ මධ්‍යස්ථානයේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් වලින් රුධිර කාන්දුකරණයෙන් ජීවිත පවත්වාගෙන යනු ලබන වකුගඩු රෝගීන්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සඳහා අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම මගින් 2016 වර්ෂයේ ජූනි මස සිට “සිසු දිරිය” නමින් ශිෂ්‍යාධාර අරමුදලක් ක්‍රියාත්මක කරන ලදි.

එම වර්ෂයේ සිට මේ දක්වා දරුවාගේ පාසල් අධ්‍යාපනය නිම වන තුරුම ඔවුන් නමින් ලංකා බැංකුවේ,ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේහා මහජන බැංකුවේ ගිණුමක් විවෘත කර ඒ හරහා ශිෂ්‍යාධාර ලබා දෙමින් සිටිමු. මේ සඳහා අවශ්‍ය මුදල් සොයාගනුයේ පහත සඳහන් කර ඇති පිංකැට වලින් හා ආයතන හා පුද්ගල පරිත්‍යාග වලිනි.

දැක්ම සහ මෙහෙවර

ආයතන සහ පුද්ගලයින්ගෙන් ලැබෙන පරිත්‍යාග

2025 වර්ෂයේ ඉගෙනුම ලබන සිසුන් 254 දෙනෙකුට අපි සිසු දිරිය ශිෂ්‍යත්ව පහත පරිදි ලබා දෙන්නෙමු.

අපි මාසිකව පාසල් දරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන්නේ පහත පරිදිය:

  • පෙර පාසල් අධ්‍යාපනයේ සිට පහ වසර දක්වා මසකට එක් දරුවෙකු සඳහා රු. 750/= බැගින්
  • හය වසරේ සිට 11 වසර දක්වා (අ.පො.ස.) සාමාන්‍ය පෙළ අවසන් වන තෙක් එක් දරුවෙකු සඳහා මසකට රු. 1250/= බැගින්.
  • 12 සහ 13 වසරවල (අ.පො.ස.) සිට උසස් පෙළ අවසන් වන තෙක් එක් දරුවෙකු සඳහා රු. 1750/= කි.

2026 වර්ෂයේ සිට මෙම ශිෂ්‍යත්ව මුදල එක් දරුවෙකු සඳහා රු. 250/= කින් වැඩි කරන බව සතුටින් දන්වා සිටිමු.

  • ජය ශ්‍රි මා බෝධිය ප්‍රාර්ථනා බෝධිය අභියස ස්ථානගත කර ඇති ආධාර පෙට්ටිය

  • රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තබා ඇති ආධාර පෙට්ටිය

  • ඉසුරුමුණිය රජමහා විහාරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට තබා ඇති ආධාර පෙට්ටිය

  • මිහින්තලේ මැද මළුව ඉදිරිපිට තබා ඇති ආධාර පෙට්ටිය

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාව පුරා මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකු සහ උකස් හා ආයෝජන බැංකු වල තැන්පත් කර ඇති ආධාර පෙට්ටිය

  • කොස්ගම, කොඩිගම පදිංචි ආර්.එම්. විමලරත්න මහතාගේ සම්බන්ධීකරණය යටතේ පොදු ස්ථාන 5 ක දානමය පෙට්ටි තැන්පත් කර ඇත.

  • කැමැත්ත පළ කර ඇති පෞද්ගලික ව්‍යාපාර සහ පරිත්‍යාගශීලීන්

‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව අරමුදලේ සාරාංශය

වර්ෂය
2016
වර්ෂය
2017
වර්ෂය
2018
වර්ෂය
2019
වර්ෂය
2020
වර්ෂය
2021
වර්ෂය
2022
වර්ෂය
2023
වර්ෂය
2024
වසර ආරම්භයේදී ශිෂ්‍යත්ව ලැබූ මුළු දරුවන් සංඛ්‍යාව
68
77
136
163
193
212
212
237
221
අලුතින් ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව
65
34
45
25
40
43
36
වසර අවසානයේ පිටව ගිය දරුවන් සංඛ්‍යාව
1
6
7
15
6
15
59
22
වසර අවසානයේ ශිෂ්‍යත්ව ලබන දරුවන් සංඛ්‍යාව
68
142
170
193
212
212
237
221
235
ලබා දී ඇති මුළු මුදල ශිෂ්‍යත්ව අරමුදල
23000
1178000
2262750
2414500
1498750
1602097
3499500
340000
3267250

සෑම අධ්‍යන වර්ෂයක් ආරම්භයේදීම පාසැල් දූ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරමු. මෙවරද ශිෂ්‍යාධාර දූ දරුවන් 235 ක් වෙනුවෙන් 2024 අධ්‍යන වර්ෂය සදහා පාසැල් උපකරණ කට්ටලයක් ලබා දීමට කටයුතු කරන ලදී.

මෙය 2025 දී පාසල් පොත් සඳහා රු. 898,302/= ක්, පාසල් බෑග් සඳහා රු. 4,26,775/= ක් සහ පාසල් සපත්තු සඳහා රු. 780,000/= ක් පමණ වැය වේ.
වාර්ෂික පාසල් සැපයුම් සහ උත්සව සඳහා රු. 2,105,077/= ක මුළු මුදලක් වැය කෙරේ.

Scroll to Top