අපේ ඉතිහාසය
අපි ගැන
වකුගඩු සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම
හේතුවක් තරමක් දන්නා නමුත් හරි හැටි නොදන්නා එක්තරා ඉරණමක් අපේ රටේ වැව් බැඳි රාජ්‍යයට උරුමවෙලා. මේක දෛවයේ සරදමක්.
ගස් ගල් පෙරලපු, ගොවිතැනින් රටට සවිය සපයපු, අය හිටිගමන් දුර්වල වෙනවා සොයා බැලුවම වකුගඩු රෝගය නිදන්ගත වෙලා තිබිලා.ඒ තත්වය සමඟ මතුවන දරාගන්නටවත් නොහැකි වේදනාව ඔබට හිතාගන්නටවත් බැහැ.
වකුගඩු රෝගය ගැන රෝග වැළක්වීම, ප්‍රතිකාර ක්‍රම ගැන කවුරු කවුරුත් බෙහොම සද්දෙට රටටම කීවත් කඳුළු යට සැඟවුණු සැබෑ කඳුළු කථාවයි අපි මේ කියන්නේ. ඉටුකරගන්නට දහසක් ප්‍රාර්ථනා හිතේ හිර කරගෙන දවසින් දවස වකුගඩු රෝගය නිසා ලෙඩ ඇඳට වැටෙන රජරට ගොවි රජ වරුන්ට අඩුම තරමින් හෙට හිරු පායන කොට තමා ජීවත් වේවිද කියාවත් හරි හැටි විශ්වාසයක් ඇත්තේ නැහැ. පොල් අතු අහුරපු පැළට උළු ටිකක් හෙවිළි කරන්න ගොම මැටි පොළොවට සිමෙන්ති ටිකක්, ටයිල් කැටයක් අල්ලන්න ඒ මොන දේ නැතත් තමන්ගේ දරුවට ලස්සන අනාගතයක් හදලා දෙන්න අඩුම තරමින් තමන්ගේ දෑතේ සවි ශක්තියවත් ඔවුන්ට ඉතිරි වෙලා නැහැ.
මහපොළොව එක්ක ඔට්ටු වෙලා ගතේ මහන්සිය නිවා ගන්න ඔවුන්ට සුව පහසු කාමර, ඇඳන් වෙනුවට හිමි වන්නේ රෝහලේ වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙන් වූ ඇඳන්.
ගහක් ගලක් වගේ හිටියත් හිතාගන්නත් බැරි විදිහට ලෙඩ ඇඳට වැටුණු වෙලාවේ ඒ අයට මතක තමන් මොනතරම් ජීවත් වෙන්න මහන්සි වුණාද ද කියන එක විතරයි. ඉතිං ඒ මහන්සියට ඒ කදුළුවලට යලිත් ජීවය දිය හැක්කේ ඔවුන්ගේ දරු පරපුරට යහපත් අනාගතයක් ගොඩ නැගීම තුළින් බව කිවමනාය. දරුවන් තුළින් ගොඩ නැගෙන ඔවුන්ගේ හෙට දින බලාපොරොත්තුව මල්ඵල ගන්වමින් “සිසු දිරිය” ශිෂ්‍යාධාර අරමුදල ඔවුන් නමින් විවෘත වන්නේ මේ හේතුව නිසාමය.
ඔවුන්ගේ සිනහව යට සැඟවුනු කදුළු කතාව අප ඉතා හොදින් හඳුනන හෙයින් ඔවුන්ගේ සිතැගියාවන්ට ජීව නාලිය වන්න අප අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම තවදුරටත් අප්‍රතිහත වීර්යයක යෙදී සිටිමු.
විශේෂ ස්තූතිය
අපගේ අවංක කෘතඥතාව
වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා මූලික වී මෙම සංගමය ආරම්භ කිරීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත විය යුතුය. එදා පටන් අද දක්වාම වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය වැඩි දියුණු කිරීම සඳහා අප පදනමේ නිලධාරී මණ්ඩලය ගත්තා වූ උත්සාහය ඉතා ප්රශංසාත්මකව අගය කළ යුතුය. එහිදී පදනමේ හිටපු සභාපති තැන්පත් මහා විහාරයේ මහා නායක අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන් වහන්සේට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. උන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ඇති පිං කැටයේ සියළුම මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දෙමින් දක්වන්නා වූ සහයෝගය ඉතා ගෞරවයෙන් අගය කළ යුතුය.
ඊට අමතරව අප පදනමට අරමුදල් රැස් කර ගැනීම සඳහා රුවන්වැලි මහා සෑය අභියස, මිහින්තලය රජ මහා විහාරයේ මැද මළුවේ, ඉසුරුමුණිය රජ මහා විහාරයේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහජන බැංකු, ලංකා බැංකු, ප්‍රාදේශීය සංවර්ධන බැංකු හා ලංකාව පුරා පිහිටුවා ඇති උකස් හා ආයෝජන බැංකු වල සහ පුද්ගලික වෙළඳ ආයතන කිහිපයක පිංකැට ස්ථානගත කිරීම සඳහා අනුමැතිය ලබා දෙමින් වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය නැංවීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීම පිණිස සහය වූ එම විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලාටද අදාල බැංකු ශාඛාවන්හි කළමනාකාර තුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයටද පිං කැට 5 ක ප්‍රමාණයක් පොදු ස්ථාන වල තැන්පත් කිරීමෙන් සහයෝගය ලබා දෙන කොඩිගම, කොස්ගම ලිපිනයෙහි පදිංචි ආර්.එම්.විමලරත්න මහතාටද අපගේ ඉතා ගෞරවනීය ස්තූතිය පලකරන්නෙමු. තවද අනුරාධපුර දුම්රිය ස්ථානය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඒ එස් බී ෆැෂන්, නිර්මාණි ඩ්‍රෙස් පොයින්ට් ආලන්කුලම ආදී පුද්ගලික ආයතන වල ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලයටද අප පදනමේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමු.
පෞද්ගලිකව මුදල් පරිත්‍යාග කළ වාද්දුව අනුර මෙන්ඩිස් මහතා, කඩවත පදිංචි දසුන් වෙල්හේන මහතා, හිටපු අතිරේක දිසාපති හෙට්ටිආරච්චි මහතා, සුජීව එන්ටර්ප්‍රයිසස් අධිපති සුජීව මහතා හා ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරු රන්ජන් පෙරේරා මහතා ඇතුළු මිතුරු කැලට, සිමිත් ජේ.ආර්.සී. සොෆ්ට්වෙයාර් පුද්ගලික සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී චින්තක දිසානායක මහතා ඇතුළු සියලු දෙනාට අප පදනමේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නේ හදබැඳි සෙනෙහසිනි.
වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අන්වර් සදාත් මහතා, පර්මිල් රාජකරුණා මහතා, මල්කා ඉලේපෙරුම මහත්මිය, දුමින්ද බස්නායක මහතා හා රජීව දසනායක මහතා ද තම වටිනා වූ කාලය වැය කරමින් අපගේ පදනමට නිරතුරුවම උපදෙස් හා අනුශාසනා ලබා දෙමින් දක්වන්නා වූ සහයෝගයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. පදනමේ කටයුතු ඉටු කිරීමේදී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හා උපදෙස් ලබා දෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමාගේ හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ අනුග්‍රහය ඉතා අගය කොට සැලකිය යුතුය.
එසේම අප පදනමේ උප සභාපති වරුන් වන විශ්‍රාමික වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ ටෙරන්ස් ගාමිණී මහතා හා වෛද්‍ය ශ්රීභානි මහත්මිය, ලේකම් තුමන්ලා වන වෛද්‍ය චින්තක සෙනවිරත්න හා හෙද නිලධාරී කමල් ලොකුගේ මහතාද, භාණ්ඩාගාරික තුමන් වන ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික ගණකාධිකාරී පී. චන්ද්‍රදාස මහතාටද ස්තූතිය පල කරමු.
එසේම වකුගඩු පදනමේ කාර්යයන් පවත්වාගෙන යාම සඳහා සහයෝගය හා නිරන්තර දායකත්වය දක්වනු ලබන වකුගඩු සායනයේ සායන භාර හෙද නිලධාරිණී අනෝමා ප්‍රේමරත්න මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සායන සිදුකරන අවස්ථාවන්හිදී වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලට උපරිම දායකත්වය ලබා දෙමින් සහය වන්නා වූ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ වාලක කුමාරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටද, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.පී. ගුණරත්න මහතාටද, විශ්‍රාමික විදුහල්පතිවරුන් වන ගුණපාල රත්නායක හා ඒ.බී.එම්.බී. විජේකෝන් යන මහත්වරුන්ටද, හෙද නිලධාරී සලින්ද මහතාටද, රුවන් ජයශාන්ත හා කේ.ඩී.බී. දිසානායක යන මහත්වරුන්ටද, රුධිර කාන්දුකරණ ඒකකයේ කාර්ය මණ්ඩලයටද, පරිනත කාන්දුකරණ ඒකකයේ කාර්ය මණ්ඩලයටද ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමු. 2017, 2018 හා 2019 යන වර්ෂවල දී වාර්ෂිකව පැවැත්වූ පාසැල් උපකරණ ලබා දීමේදී පාසැල් බෑග් ලබා දෙමින් දායක වූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ එම්.ඩී. සුසිල් ප්‍රේමසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ද ස්තූතිවන්ත වෙමු.
අපගේ කාර්යයන් සඳහා නන් අයුරින් සහයෝගය දක්වන්නා වූ පිරිස අති විශාලය ඒ නිසා සියළු දෙනාම නම් වශයෙන් දැක්වීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිමු. එසේම අප පදනමේ උන්නතිය උදෙසා කැපවී සේවය කළ සියළුම දෙනාටත් අපගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද කර සිටින අතර මින් ඉදිරියටත් අපගේ කටයුතු සඳහා සහයෝගය දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.


