පරිත්‍යාගශීලීන්

රෝහලට හා වකුගඩු රෝගීන් වෙනුවෙන් කරන ලද පරිත්‍යාග

2024 වර්ෂයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයට හා වකුගඩු රෝගීන් වෙනුවෙන් රු.571,495.00ක් වටිනා පරිත්‍යාග මුදලක් ලැබී ඇත.

ඒවායින් කිහිපයක් පහත පරිදි වේ.

වෛද්‍ය නදීශා නිශාන්ති මහත්මිය විසින් රු.250,000.00ක මුදලක් පරිත්‍යාග කිරීම.

ලංකා බැංකු වනිතා සංගමය විසින් 2024 වර්ෂයේ රු.195,800.00ක මුදලක් පරිත්‍යාග කිරීම.

හදුනා නොගත් තැන්පත් ලෙස රු. 8,010.00 ක මුදලක් ලැබීම.

වකුගඩු රෝගී සුභසාධන වියදම්

රෝහලට හා වකුගඩු රෝගීන් වෙනුවෙන් කරන ලද සුබ සාදන කටයුතු මෙම කොරෝනා වසංගත තත්වය හේතුවෙන්  තරමක් අඩපන විය. මෙම වර්ෂයේ වකුගඩු සුබ සාධනය වෙනුවෙන් දරණ වියදම්ද ඇතුලත්ව 2016 වර්ෂයේ සිට මේ දක්වා සිදු කරන ලද සුබ සාදන වියදම් විශ්ලේෂණයන් පහත සදහන් කර ඉදිරිපත් කරමි.

2016 2017 2018 2019 2020 2021 2022 2023 2024
වකුගඩු රෝගීන්ගේ සුභසාධනය සඳහා දරන ලද වියදම් (රු.)
634,332
1,184,175
1,154,396
1,558,414
1,715,785
333,870
1,067,133
2,610,149
1,411,399

රෝහල් සහ වකුගඩු රෝගීන් සම්බන්ධ වියදම්

පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරය ( CAPD ) සිදු කරනු ලබන වකුගඩු රෝගීන්ට අනුග්‍රහය ලබාගැනීම

මෙම පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරය රෝගියා විසින් සිදුකරගන්නා ප්‍රතිකාර ක්‍රමයක් බැවින්

සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිළියක්
සනීපාරක්ෂක පහසුකම් සහිත කාමරයක්
ජල පහසුකම්

නිසි පරිදි තිබීම අනිවාර්ය වේ. නමුත් වකුගඩු රෝගීන් බොහෝ දෙනෙකුට මෙවැනි පහසුකම් සපයා ගැනීමට තරම් වත්කමක් නොමැති හෙයින් එම ප්‍රතිකාරයට යොමු  විය යුතු රෝගීන් පවා ප්‍රතිකාර සිදු කර ගැනීමට නොහැකිව සිටිති. එවැනි රෝගීන්ට යටිතල පහසුකම් සපයා දීමේ කටයුතු  අප පදනම මගින් මේවන විටත් සිදුකරමින් සිටිමු.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ තුළ යටිතල පහසුකම් අවශ්‍ය රෝගීන් වෙනුවෙන් එම කාර්ය සිදු කිරීම සෞඛ්‍ය උපදෙස් හා නීති රෙගුලාසි අපවෙත හරස් වූ හෙයින් එය සිදු කිරීමට හැකියාවක් නොලැබුනි.

අප පදනම විසින් මෙම වසර වල සිදු කරනු ලැබූ පහසුකම් සැපයීම් දැක්වෙන ඡායාරූප පහතින් ඉදිරිපත් කරමු.

රෝගියාගේ නම – එච්.එම්. ඉන්දානි
වයස – අවුරුදු 41 යි

2024 වර්ෂයේ රු.25,000.00 බැගින් ආධාර මුදල් ලබාගත් වකුගඩු බද්ධ කළ රෝගීන්

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කර ගනු ලබන සෑම රෝගියෙකු සඳහාම රු.25000.00 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබේ. 2024 වර්ෂයේ වකුගඩු බද්ධ කිරීම් වෙනුවෙන් පහත නම් සඳහන් රෝගීන්ට මුදල් පරිත්‍යාග කරන ලදි.

රෝගියාගේ නම
එස්.එම්. ප්‍රියන්ත අබේරත්න
ජේ. සෙනෙවිරත්න
ඒ.වී.ජී. ලක්මාල් මධුෂාන්
හරින්ද ධම්මික සමරකෝන්
කිරිබණ්ඩාගේ සමන්වීර
මුරුගයියා මේනකා
එන්. ගයාන් ශානුක වඩුගේ
ඩී.එම්. ජගත් දසනායක
පී.එන්. සුන්නද වීරරත්න
පී.ආර්.ඒ.එස්.කේ. රණතුංග
මුදලියගේ නවරත්න
එස්.ඩී. ලෂිනි කෞෂල්‍යා

පසුගිය වසර අට තුළ වකුගඩු බද්ධ කිරීමේ රෝගීන්ට ලබා දුන් පරිත්‍යාගවල සාරාංශ වාර්තාව පහත පරිදි වේ.

2015 2016 2017 2018 2019 2020 2021 2022 2023 2024
වකුගඩු බද්ධ කිරීමේ රෝගීන් සංඛ්‍යාව
17
10
12
5
8
5
3
3
12
12
Total financial donation (Rs.)
425,000
250,000
300,000
125,000
200,000
125,000
75,000
75,000
300,000
300,000
Scroll to Top