අපගේ මෙහෙවර සහ අරමුණු

අරමුණු

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනමේ අරමුණු

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා “වකුගඩු රෝගීන්ට සවිය වෙමු” යන තේමාව යටතේ 2008 වර්ෂයේ දී ආරම්භ කරන ලද ස්වෙච්ඡා සංවිධානයකි.

“වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම, ප්‍රතිකාර සඳහා යොමු කිරීම, පර්යේෂණ කටයුතු සඳහා තොරතුරු ලබා දීම, වකුගඩු රෝගීන්ගේ සමාජ හා ආර්ථික කටයුතු සංවර්ධනය කිරීම හා ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට “සිසු දිරිය” ශිෂ්‍යත්ව අරමුදලක් පවත්වා ගෙන යාම තුළින් වකුගඩු රෝගී සුභ සාධනය වැඩි දියුණු කිරීම.”

දැක්ම සහ මෙහෙවර

අපගේ දැක්ම

නිදන්ගත වකුගඩු රෝගයෙන් ජීවිත බේරාගෙන රජරට (උතුරු මැද පළාත) ප්‍රදේශයේ තිරසාර ජීවනෝපායන් ආරක්ෂා කිරීම.

අපගේ මෙහෙවර

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම නිදන්ගත වකුගඩු රෝග (CKD) රෝගීන්ගේ වකුගඩු සත්කාර, රුධිර කාන්දුකරණය සහ බද්ධ කිරීම සඳහා ප්‍රවේශය සවිබල ගැන්වීමෙන් සහ නිදන්ගත වකුගඩු රෝගීන්ගේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනික ඉලක්ක බලපෑමකින් තොරව ළඟා කර ගැනීම සඳහා “ආලෝකයේ පහනක්” ලෙස ක්‍රියා කිරීමෙන් ජීවිත බේරා ගැනීමට සටන් කරයි.

ප්‍රධාන අරමුණු

ප්‍රධාන අරමුණු

  • අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ මධ්‍යස්ථානය හෝ එම ආයතනය හා එක්ව මෙහෙයවනු ලබන සමීක්ෂණ හා පර්යේෂණ කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම.

  • වකුගඩු රෝග නිවාරණය කිරීමේ අධ්‍යාපනික සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙය වීම සහ සහය දැක්වීම.

  • වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා වැඩසටහන් දියත් කිරීම සහ සහය දැක්වීම.

  • අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ මධ්‍යස්ථානයමඟින් ගුණාත්මක සේවාවක් සැපයීම පිණිස උපකරණ ලබා දීම, නඩත්තුව, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහය දැක්වීම.

  • වකුගඩු රෝගීන්ට සේවා සැපයීම සඳහා අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ මධ්‍යස්ථානය හා එක්ව ක්‍රියාකරන අනෙකුත් සෞඛ්‍ය සේවා ආයතන වෙත අවශ්‍ය අනුග්‍රහය දැක්වීම.

  • වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රෝහල් වල හිඟ අවස්ථාවන්හිදී එම සේවාවන් ලබා ගැනීමට අනුග්‍රහය දැක්වීම.

  • අනුරාධපුර වකුගඩු රෝගීන්ට,ඔවුන්ගේ පවුල් වලට සහ මියගිය රෝගීන්ගේ පවුල්වලට ආර්ථික සහ සමාජමය අවශ්‍යතා සුරැකීමට ආධාර කිරීම.

  • රෝගීන්ගේ සුභ සාධනය නැංවීම සඳහා ක්‍රියාකාරකම් සහ යටිතල පහසුකම් සංවර්ධනයට සහය දැක්වීම.

  • වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය නැංවීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මඟින් සංවිධානය කරනු ලබන ක්‍රියාකාරකම් සඳහා සහය දැක්වීම.

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය නැංවීම සඳහා සෘජුව හෝ වක්‍රව ක්‍රියාත්මක වන අනෙකුත් වැඩ සටහන් සඳහා සහය දැක්වීම.

  • උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය නැංවීම සඳහා පුද්ගලයන්ගේ සහ සංවිධානයන්හි දායකත්වය ලබා ගැනීම හා අගය කිරීම.

2024 වර්ෂය තුළ දී ඉහත අරමුණු වලින් පහත සඳහන් කාර්යන්ට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ බව ඉතා සතුටින් දැනුවත් කිරීමට කැමැත්තෙමු.

වකුගඩු රෝගීන්ගේ දූ දරුවන්ට “සිසු දිරිය” ශිෂ්‍යත්ව වැඩසටහන අනුව මුදල් පරිත්‍යාග කිරීම

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කරන රෝගීන්ට රු.25000.00 මුදල් ආධාර ලබාදීම

වකුගඩු ඒකකයට, PDU ඒකකයට සහ භික්ෂු වාට්ටුවට පානීය ජලය ලබා දීම

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයට උපකරණ පරිත්‍යාග හා නඩත්තු කටයුතු සිදු කිරීම.

Scroll to Top